දැරියක්ව දූෂණය කළ සැකකරු බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිහින්

මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් රවටා බලහත්කාරයෙන් දූෂණය කළ පුද්ගලයෙකු ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි මුල්ලියාවලෙයි පොලිසිය පවසනවා.

එම තරුණයා මුල්ලියාවලෙයි ප්‍රදේශයට පැමිණ තැන් තැන්වල කුලී වැඩ කරමින් සිට ඇති අතර, දැරිය පාසල් යන අතරවාරයේ ඇයව මිතුරු කරගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

දැරිය තමන්ට අසනීප බව පවසා ආපසු නිවසට පැමිණීමෙන් පසුව මව ඇයව ප්‍රතිකාර ලබාදීම පිණිස මුලතිව් රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයාට ඇයව දූෂණය වි ඇති බවට තොරතුරු හෙළි වීමෙන් පසුව වෛද්‍යවරයා ඒ බව රෝහලේ පාලාන් අධිකාරිය හරහා පොලිසියට පමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.

දැරියගෙන් ලබා ගත් ප්‍රකාශයක් මත පොලිසිය සැකකරු පිළිබඳව කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ ඔහු ඉන්දියාවට පලා ගොස් තමිල්නාඩු ප්‍රදේශයේ සිටින බවයි.

ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා මුලතිව් අධිකරණයෙන් පොලිසිය නියෝගයක් ලබා ගෙන එම නියෝගය තමිල්නාඩුව වෙත යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත දැරියව රජයේ පරිවාස මධ්‍යස්ථානයක් වෙත භාරකොට ඇති අතර, ඇය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *