දැරිය පිලිස්සූ මවක් අත්අඩංගුවට

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන සිය 5 හැවිරිදි දැරිය පිලිස්සූ මවක් මහනුවර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර – නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටි 30 හැවිරිදි මවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඇය විසින් හැන්දක් රත්කොට දැරියගේ ශරීරය පුලුස්සා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, තුවාල ලැබූ දැරිය මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ, දැරියගේ සිරුරෙහි ස්ථාන 04 ක පිලිස්සුම් තුවාල දක්නට ලැබෙන බවයි.

අත්අඩංගුවට ගත් මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *