දිනකට දුම්රිය අවලංගුවීම් 30කට ආසන්නයි

දුම්රිය එන්ජින් නඩත්තුවට අවශ්‍ය පුහුණු සේවකයින්ගේ හිඟය හා අමතර කොටස් නොමැති නිසා දුම්රිය පීළිපැනීම, ප්‍රමාද වීම හා අවලංගු වීම නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මේ වනවිට දුම්රිය අවලංගුවීම් දිනකට 20 30 ප්‍රමාණයක් සිදුවන බවත්, දෛනිකව දුම්රිය ප්‍රමාද වීම සිදුවෙමින් තිබෙන බවත්, ගෙවීගිය සති කිහිපය සැලකීමේ දී දුම්රිය පීළි පැනීමේ සිද්ධීන් දෙකක් වාර්තා වී තිබෙන බවත් එම සංගමය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවකයන් 20,222ක් සිටිය යුතු බවත්, දැනට සේවය කරමින් සිටින්නේ 14,000කට ආසන්න ප්‍රමාණයක් බවත්, 6,000කට ආසන්න පුහුණු සේවක පුරප්පාඩු පවතින බවත් එම සංගමය ප්‍රකාශ කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *