දින තුනක් පමණ වයසැති බිලිදියකගේ මළ සිරුරක් සොයාගැනේ

මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියේ තිබී දින තුනක් පමණ වයසැති බිලිදියකගේ මළ සිරුරක් සොයා ගන්නා ලදී.

අද (1)උදෑසන පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා පැමිණි අංක 8346 දුම්රිය ගමන අවසන් කිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබුණි.
දුම්රිය පිරිසිදු කිරීමේ කටයුතුවලට එක් වූ සේවකයින් පිරිසක් දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියකින් දැඩි ගන්ධයක් පැමිණෙනු දැක ඇති අතර පරීක්ෂා කිරීමේදී වැසිකිළියේ බෑගයක දමා ගොස් ඇති කුඩා බිළිඳෙකු දැක තිබේ.

මියගිය බිළිඳා පිළිබඳව සේවකයින් වහාම දෙමටගොඩ පොලිසියට දැනුම් දුන් අතර ඒ අනුව පරීක්ෂණ ආරම්භ කරන ලදී.
බිලිදා පරීක්ෂා කිරීමේදී දැක ගත හැකිවූයේ සිරුර මත පෙකණි වැලෙහි කොටසක් ද ඇති බව පොලිසිය නිරීක්ෂණය කර තිබුණි.
මෙය රෝහලක සිදු වූ උපතක් නොවන බවට පොලිසිය සැක කරයි.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *