දින 3ට මාරක රිය අනතුරුවලින් 23 දෙනෙකු මරුට

පසුගිය දින තුනේ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම දින කිහිපයේ සිදුවු රිය අනතුරු 167කින් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊයේ දිනයේ පමණක් රිය අනතුරු 76ක් සිදුව ඇති අතර ඉන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහල ගොස් ඇති බැවින් මාර්ග නීති පිලිපදිමින් රථ වාහන ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත කෙරුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩුවි ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *