දින 6ට විදුලි බිදවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි 61,000ක්

පසුගිය දින 6ක කාලය තුළ විදුලිය බිදවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි 61,000ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම ලැබුණු පැමිණිලිවලින් 26,700කට යළිත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2,049කට අයත් පුද්ගලයින් 8000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

වර්ෂාවත් සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ නිවාසවලට හානි සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ලුණුඔය සහ හැමිල්ටන් ඇල පිටාර ගැලීම හේතුවෙන් මාදම්පේ තෝප්පුව ප්‍රධාන මාර්ගය ස්ථාන 2කින් ජලයෙන් යට වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *