දියණියන්ගේ නිරුවත විකිණූ මව පොලිස් අත්අඩංගුවට

තම බාලවයස්කාර දැරියන් දෙදෙනාගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා මුදල් ලබාගත් මවක් පුදුකුඩිඉරිප්පු පොලිසිය මඟින් පසුගිය 15 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

34 හැවිරිදි සැකකාර මව විසින් සිය වයස අවුරුදු 06 සහ 13 යන වයස්වල පසුවන දියණියන්ගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන මෙලෙස වෙනත් පුද්ගලයින් වෙත යවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් 13 හැවිරිදි දැරිය විසින් පොලිසියට සිදුකළ දැනුම්දීම මත සැකකාර මව අත්අඩංගුවට ගත් බවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මවගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී එලෙස ලබාගත් ඡායාරූප සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

දැරියන්ගේ එම ඡායාරුප සහ වීඩියෝ දර්ශනවලට අමතරව සැකකාරියගේ ඡායාරූප ද එලෙස වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් රිමාන්ඩ් බන්ධනගාර ගතකරන ලෙස විනිසුරුවරයා නියෝගකර තිබෙනවා.

ඊට අමතරව සැකකාරියට සමාජ රෝග වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර නඩුව අවසන්වන තුරු දියණියන් දෙදෙනා පරිවාස භාරයේ රඳවා තැබීමට ද නියෝගකර ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *