දියතලාව Fox Hill සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වු අනතුර සම්බන්ධවයි

ශ්‍රි ලංකාවේ මෝටර්රථ ක්‍රීඩා තරඟ අතුරින් ජනප්‍රිය සහ වැඩිපුරම මහජන ප්‍රථිචාරයක් ඇති Fox Hill සුපර්ක්‍රොස් තරඟාවලිය ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය (SLAS) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව 28 වරටත් සංවිධානය කරන ලදී. වසර 5 ක නිහඩතාවයකින් පසුව පැවැත් වූ එම තරඟාවලියේ තරඟ ඉසව් 24 ක් අතුරින් 17 වැනි තරඟය ලෙස පැවැත් වූ 1500cc Ford Laser Mazda 323 ඛාණ්ඩය යටතේ පැවති තරඟය අතරතුර තරඟ ආරම්භක ස්ථානයේ සිට මීටර් 150 පමණක් දුරින් ඇති ෆයිනස්කෝනර් ආසන්නයේදී මෝටර් රථ දෙකක් එකිනෙකට ගැටී ඇත.

එලෙස ගැටුණු එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් ධාවන පථයෙන් පිටත ස්ථානගතව සිටි තරඟ මෙහෙයුම් නිලධාරින් ඇතුළු එම ස්ථානයේ රැදී සිටි 07 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර, එම සිද්ධියෙන් අනතුරුව ඇති වු තෙරපිම සහ කලබලකාරී තත්වය මත තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, මේ වන විට වැඩිදුර ප්‍රථිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත රෝගීන් තුන්දෙනෙකු මාරුකර යවා ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව, තරඟාවලිය තරඟ සංවිධායකයන් විසින් පැවැත් වීම අත්හිටුවන ලදී.

මෙම අනපේක්‍ෂිත සිදුවීමේන් විපතට පත්වූ සියලුම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වෙත ශ්‍රි ලංකා යුද්ධ හමුදාව බලවත් කණගාටුව ප්‍රකාශකර සිටි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *