දියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ලුණුගල, හොප්ටන් ප්‍රදේශයේ දිය වළක දියනෑමට ගිය පාසල් සිසුවෙකු ඊයේ (18) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලුණුගල පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පැරණි කර්මාන්ත ශාලා කොටස, 19 කණුව, හොප්ටන් යන ලිපිනයේ පදිංචිව සිටි විනෝජන් නැමැති 16 හැවිරිදි සිසුවෙකු බවයි.

මෙම සිසුවා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති මෙම දියවලේ දිය නෑමට ගොස් දියට පැනීමේදි මෙම අනතුරට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඉන්පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔහු ගොඩට ගෙන හොප්ටන් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මියගොස් තිබෙනවා.

මියගිය සිසුවාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු බදුල්ල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ලුණුගල පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *