දිවයිනට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ඒමට පටන්ගෙන තිබෙනවා.

ඒ ආකාරයෙන් දකුණු මුහුදු තීරයේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් ද මුහුදු රළ ගොඩ බිමට පැමිණීම ආරම්භ කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අද (16) අලුයම් කාලයේ සිට මුහුදු රළ විටින් විට ගොඩබිමට පැමිණ ඇති අතර ඉන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මුහුදු ජලය සමග මුහුදු වැලි හා නොයෙකුත් අපද්‍රව්‍ය ද මාර්ගයට ගසාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ

ගාල්ල සමුදු මාවතේ පැති බැමි රළ පහරට හසු වීමෙන් කඩාගෙන ගොස් තිබීම ද දක්නට

එමෙන්ම ජා කොටුවැල්ලේ නතරකොට තිබු බෝට්ටු ද රළ පහරට හසුවීමෙන් මාර්ගයට ගකගෙන ඇති බවයි වාර්තා වන්නේ

ගාල්ල පොලිසිය සහ මහ නගර සභාව එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගයේ පස් ඉවත්කර වාහන ගමනාගමනයට ඉඩ සලසමින් ඇති බව ද අප වාර්තාකරු පැවසුවා.

මේ අතර අම්බලන්ගොඩ ධීවර වරායට ද ඊයේ රාත්‍රියේ මුහුදු රළ වේගයෙන් ගොඩ බිමට ගසගෙන ඒම හේතුවෙන් එහි නවතා තිබූ බෝට්ටුවලට දැඩි අලාභ හානි සිදු ව ඇති බවට වාර්තා වනවා.

ජල පහරත් සුළං පහරන් සමඟ බෝට්ටු එකිනෙක ගැටීමෙන් විනාශ වී ඇති බවයි

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *