දිස්ත්‍රික්ක කිහිපයක පමණක් පාසල් හෙට වැසේ

වර්තාමනයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත රත්නපුර, කෑගල්ල, කලුතර දිස්ත්‍රික්කවල සියලු පාසල් ද හෙට (04) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් පමණක් හෙට දිනයේ නිවාඩු ලබා දෙන බවයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට නිවාඩු ලබා දෙන බව අද පෙරවරුවේම නිවේදනය කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයෙන් පසුව ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීම පිළිබද ඉදිරි තීරණ ගනු ලබනු ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *