දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇගවීමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරයයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව පළාත් වලට සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

එසේම නිරිතදිග මෝසම හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *