දිස්ත්‍රික්ක 7කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම යළි දීර්ඝ කෙරේ

වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අදාළ ප්‍රදේශ වල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *