දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද කොළඹට

දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද කොළඹට කැදවා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස කොළඹට කැදවා ඇති බවයි.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් අවසන් වනවා.

එසේම ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් තැපැල් සේවාව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ ප්‍රකාශ කළා.

අදාළ කටයුතු වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදුම් කාර්ය මණ්ඩලයයේ 8000ක් හා නිලධාරින් 4000ක් යෙදවීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.

මේ වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ජනාධිපතිවරණය සදහා ඇප තැන්පත් කර ඇති අතර, ඇප මුදල් භාරගැනීමේ කාලය මේ මස 14 වැනිදා මධ්‍යහ්න 12න් අවසන් වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *