ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් සමග අද (31) වතුකරයේ ජනතාව දිපවාලි සමරන ආකාරය පිළිබඳව සොයාබැලිමේ සංචාරයක නියැලී තිබෙනවා.
හැටන් ඇරොල් වතුයායේ සහ දිඹුල පතන මවුන්ට්වර්නන් වතුයායේ සංචාරයක නිරත වූ සීලරතන හිමියන්, එම ජනතාවගේ සුවදුක් සොයා බලා එම පක්ෂයේ අපේක්ෂකයන්ව වතු කම්කරුවන්ට හදුන්වාදීමටයි කටයුතු තිබෙන්නේ.
මෙම සංචාරයේදී වතු කම්කරු ප්‍රජාව අමතමින් සීලරතන හිමියන් කියා සිටියේ, මේ රටේ සිංහල දමිල මුස්ලිම් ජනතාව සමග එකට එකතු වි කටයුතු කළ හැකි එකම පක්ෂය ජනසෙත පෙරමුණ බවයි.