“දුක්විදින ජනතාව රජකරවන්න පොදුජන යුගයට වරම දෙනවාද කියා ජනතාව තීන්දු කළ යුතුයි”

ජනතාව රජකරවන්න පොදුජන යුගයට වරම දෙනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (14) රත්නපුර පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 52 වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ මෙරට නැවත වරක් සංවර්ධන යුගයක් බිහි වෙනවාට කර්මාන්තශාලා බිහි වී රැකියා බිහි වී දුප්පත්කම තුරන් කරන යුගයක් බිහි වෙනවාට රටේ අස්සක් මුල්ලක් නෑර ගම් හදා නගර හදා රට හදන වැඩපිළිවෙළක් බිහි වෙනවාට රනිල් අනුර සන්ධානය විරුද්ධ බවයි.

ඒ නිසා රනිල් අනුර කල්ලිය දිවා රෑ නොබලා සමගි ජන බලවේගයේ පරාජය වෙනුවෙන් කුමන්ත්‍රණ කරන බවත් ඒ කුමන්ත්‍රණවලට රටේ ජනතාව රැවටෙන්නේ නැති බව තමා දන්නා බවත් විපක්ෂනායක මෙහිදි කියා සිටියා.

පතල් කර්මාන්තයේ කුලී කම්කරුවාගේ සිට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අපනයන කරුවන් කර්මාන්තශාලාකරුවා, පුහුණු කරන්නා, වෙළෙන්දා අතරමැදියා ඇතුළු කැපකිරීම් කරන කම්කරු ප්‍රජාව ඇතුළු මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සෑම පාර්ශ්වයක් වෙනුවෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ජාතික ප්‍රතිපත්තිය එළි දැක්වූ බව විපක්ෂනායකවරයා කියා සිටියා.

එසේ ම කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දී ගොවිතැනේ නියැලෙන ජනතාවට ශක්තිය ලබා දෙන්න කැපවෙන බව ඔහු පවසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ රජය රත්නපුර ඇතුළු ලංකාවේ මැණික් ඉඩම් ටික විදේශීය රටවලට විකුණන්න හැදූ බවත් එයට විරුද්ධව පාර්ලිමේන්තුවේ ලොකුම හඬ නගා එය නතර කළේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් වතු ප්‍රජාව වෙනුවෙන් කළ හැකි ඉහළම යුතුකම ඉටු කරමින් වතු ප්‍රජාවත් රැකියා නොමැති තරුණයන්ටත් කුඩා තේ වතු හිමියන් ලෙස ජන සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කර කරන්න වරම් ලබා දෙන බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *