දුම්රියන් නිතරම පිටයන හේතුව හෙළිවෙයි

නිරන්තරයෙන් සිදු වන දුම්රිය පීලි පැනීම්වලට හේතුවී ඇත්තේ දුම්රිය මාර්ග සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් බවට වාර්තා වනවා.

පසුගිය දින කිහිපයේදීම මුහුදුබඩ මාර්ගය සහ උඩරට මාර්ගය ඇතුළු මාර්ග කිහිපයකම දුම්රිය පිළි පැනීම් වාර්තා වූණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර අවලංගු කිරීම් නිසා මගී ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.

එවන් පසුබිමකයි කොළඹ – කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ රාත්‍රියේදී පීලිපැනීමකට ලක් වන්නේ.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනය තවදුරටත් සීමා කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය නානු ඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර කොළඹ සිට බදුල්ල බලා ගමන් ගන්නා දුම්රිය ධාවනය වන්නේ හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණයි.

මෙහිදී මගීන් බස් රථ හතරක් මාර්ගයෙන් දුම්රිය ස්ථාන දෙක වෙත මගීන් ප්‍රවාහනය කෙරෙනවා.

එමෙන්ම කොළඹ – කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත දුන්හිඳ ඔඩිසි සහ ඇල්ල ඔඩිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ද අද (16) ධාවනය වූයේ නැහැ.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, දුම්රිය මාර්ග සහ දුම්රිය මැදිරි නඩත්තු කිරීම සදහා අවශ්‍ය අමතර කොටස් අමතර කොටස්වල හිඟයක් පවතින බවයි.

මේ හේතුවෙන් නිසි පරිදි දුම්රිය නඩත්තු කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී දුම්රිය පිලී පැනීම්වලට ලක් වන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම දුම්රිය මාර්ග නඩත්තු කිරීමේදී අවශ්‍ය පීලී ආදිය ද ඇණවුම් කළත් ඒවා නිසි වේලාවට නොලැබෙන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *