දුම්රියෙන් සිරිපා යන ගමන් සිසුවියකට හිරිහැර කළ 06ක් අත්අඩංගුවට

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසුවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටි තරුණයන් සයදෙනෙක්, එම දුම්රියේම ගමන් කරමින් සිටි හැටන් ප්‍රදේශයේ පදිංචි විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර කර තිබෙනවා.

එම තරුණයින් අවස්ථා කිහිපයකදි සිදුකල හිරිහැර දරාගත නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබඳව කළ දැනුම්දීමට අනුවයි සිසුවියගේ දෙමව්පියන් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *