දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් ලබන 25 වන දින දක්වා මෙලෙස අවලංගු කළ බවයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ උදෑසන 07.02ට කොළඹ – කොටුව සිට රාගම බලා ධාවනය වන දුම්රිය සහ රාගම සිට උදෑසන 07.30 ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කර තිබෙනවා. එමෙන්ම කැලණිවැලි මාර්ගයේ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20 ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *