අද දින උදෑසන 06.30 මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කොට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල් කොට ඇත. එම දුම්රිය නැවත බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබූ අතර සාමාන්‍ය පරිදි එම දුම්රිය පරික්ෂා කිරීමේ දී එහි එක් මැදිරියක ආසනයක් යට කළු පැහැති බෑගයක් තිබෙනු දුම්රිය සේවකයෙකු දැක ඇත. ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති දැනුවත් කොට පරික්ෂා කිරීමේදී එහි තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් දැක ඇත.
මේ සම්බන්ධයෙන් ක්ෂණික බෙලිඅත්ත පොලීසිය දැනුවත් කොට ඇති අතර මේ වන විට ද ( 2.50 ) එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී පොලිස් නිල සුනකයන් යොදා පරික්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් ඇත.
බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය මේ හේතුවෙන් ප්‍රමාද වේ