දුම්රිය වර්ජනය අදත්

ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ මෙම වර්ජනයෙන් ඊයේත් දුම්රිය ගමන් වාර 70 කට අධික සංඛ්‍යාවක් අවලංගු කෙරුණා.

එහෙත් රාත්‍රී තැපැල් දුම්රිය සහ දුර ගමන් දුම්රිය ගමන් වාර රැසක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

මේ අතර තම ගැටලුවලට අද දිනයේ නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් වර්ජනයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කරන බවයි ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් හෙට දිනයේ දී අදාළ වෘත්තීය සමිති සාකච්ඡාවට කැඳවා ඇති බවයි දුම්රිය දෙපර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එහෙත් තමන්ට මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල දැනුම් දීමක් සිදු කර නොමැති බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහන් කළේ.

එම වෘත්තීය සමිති සමග ප්‍රවාහන අමාත්‍යාංශයේ දී හෙට දහවල් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් රැසක් ඊයේ දිනයේත් අපහසුතාවට පත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *