දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තාවකාලිකව නවතියි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන අඟහරුවදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේ දී සිය ඉල්ලීම්වලින් කොටසකට සාධනීය පිළිතුරු ලැබුණු බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ලබන අඟහරුවාදා රැස්වෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දී අනෙකුත් ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ පොරොන්දුව මත මෙම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *