දෙමටගොඩ කමල්ගේ අවි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ දෙමටගොඩ කමල්ගේ පිස්තෝල අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ කමල් නැමති අපරාධකරු 2010 වසරේ දී ඝාතනයට ලක් වූ අයෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (17) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ හා හංවැල්ල පොලිස් බල ප්‍රදේශයන්වල දී.

ඝාතනයට ලක්වූ දෙමටගොඩ කමල් නැමත්තා සතුව තිබු චෙකොස්ලෝවැකියාවෙි නිෂ්පාදිත අති නවීන මිලිමීටර් 9 ප්‍රමාණයේ CZ වර්ගයේ පිස්තෝල දෙකක් හා එම අවියට යොදන පතොරම් ගැබ් 02ක් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 46ක සහ 55ක පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ හා හංවැල්ල පොලිස් ස්ථානයන් වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *