දෙමළ මුස්ලිම් පක්ෂවල ඩීල් දේශපාලනයේ අවසන් කළා.

සජිත්ට සිරිකොතට ගන්න

අපි පැරදුනේ අලියා නැති නිසා

රනිල්ගේ එල්බෝඩ් කතාවට මම විරුද්ධ උනා

මාධ්‍ය හමුවක් කැඳවමින් මහාචාර්ය අංශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලි සභික පවසනවා.

අනුර කුමාර දිසානායක ලබාගත්තේ ඓතිහාසික ජයග්‍රහණයක් පහුගිය කාලෙ ආණ්ඩු හදපු හැමෝටම සුළු පක්ෂ අභියෝග කරා ඔවුන්ට අවශ්‍ය මන්ත්‍රී ධුර ප්‍රමාණය අනුවයි ඔහුන් එකතු වුණේ

මෙවර මැතිවරණයෙන් පෙන්නලා තියෙනවා කැපවීමෙන් වැඩ කරන පිරිසට ජාති භේද නැතුව ජනතාව එකතු කරන්න පුළුවන් කියලා

හිටපු ජනාධිපතිතුමාගේ එල්බෝඩ් කතාවට මම විරුද්ධ වුණා රනිල් ගාවත් හිටියේ ඇමතිකම් කරේ පළමු වතාවට ඇමතිකම් ගත්ත පුද්ගලයන්.

මාලිමාවේ කලින් අමාත්‍යාංශ දරපු දහයක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔවුන්ට මේක කරන් යන්න පුළුවන්.

අනුර කුමාර ජනාධිපතිතුමත් පරිස්සම් විය යුතුයි උපදේශකවරු ලං කර ගැනීමේදී හිටපු ජනාධිපතිතුමා පරදින්න ප්‍රධානම හේතුව හිටපු උපදේශක නිසයි

ඒ වගේ උපදේශකයෝ හිටියොත් ජනාධිපති වටේ තාප්ප ගොඩනැගේ යි.

ඊළඟ පළාත් පාලන මැතිවරණය සජබය සහ unp එක එකතුවෙලා තරග කරන්න ඕන කියලා මම කියනවා

පරණ අය අයින් වෙලා අලුත් අයට තැන දෙන්න ඕනා එහෙම වුණොත් අපි ලෑස්ති වැටුණු තැනින් ගොඩගන්න

සජිත් ප්‍රේමදාස අඩියක් පස්සට අරන් සම නායකත්වයට එකඟ වෙනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්

අපි ලෑස්ති සජිත්ට සිරිකොත දොර අරින්න මේක දැන් කිව්වා කියලා මාව පක්ෂෙන් අයින් කරන්න පුළුවන් ඒකටත් මම ලෑස්තියි….

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *