දෙවන සමාලෝචනයෙන් ශ්‍රී ලංකාව අගයයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විසින් දෙවැනි සමාලෝචනය අනුමත කර එවූ ලිපිය තුළ ශ්‍රී ලංකාව අගය කිරීමක් සිදුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීයි.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණයට ගත් පියවර, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ගත් පියවර, යහපාලනය ඇති කිරීම හා වංචා හා දුෂණ නැති කිරීමට රජය ගත් පියවර පිළිබඳව මෙලෙස අගයා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන්නේ.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ නැවත අපේ රටේ ආර්ථකය තුළ අනිවිශ්ෂිත තත්ත්වයක් ඇති නොවන බවයි.

එමෙන්ම, IMF විසින් දෙවන සමාලෝචනය අනුමත කිරීමට තිබියදී විපක්ෂයේ කණ්ඩායම් මෙහයවන සමීක්ෂණය ආයාතනය විසින් රජය දැඩි ලෙස විවේචනය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ රටක් ඉදිරියට යන විට රට තුළ අවිනිෂිත බවක් ඇති කිරීම සඳහා දේශීය සමීක්ෂණය ආයතනයක්ම කටයුතු කිරීම කණගාටුදායක බවයි.

මෙම සමීක්ෂණය වාර්තා දේශපාලන වාසි ගැනීම සඳහා සිදුකළ දෙයක් බවයි ඔහු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *