දෙහිඅත්තකණ්ඩියේ වකුගඩු රෝග අවදානමක්

අනුරාධපුර, පොළොන්නරුව,මාතලේ යන දිස්ත්‍රික්කවලින් වකුගඩු රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන අතර අම්පාර දිස්ත්‍රිකක්යේ දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි බල ප්‍රදේශයේද මෙම රෝගීන්ගේ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව අම්පාර දිස්ත්‍රිකක්යේ දෙහි අත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සෑම සායනයකදිම නව වකුගඩු රෝගීන් 30ත් 40ත් අතර ප්‍රමාණයක් හමුවෙන බවයි එම කාර්යාලයේ වෛද්‍ය නිළධාරී සිතුමිණි හේරත් ප්‍රකාශ කළේ.

මෙම රෝගය පැතිරිම පාලනය කිරිම සදහා දෙහිඅත්තකණ්ඩිය වකුගඩු රෝග නිවාරණ ඒකකයේ නිළධාරීන් ගම්මානවලට පැමිණ වකුගඩු රෝග හදුනා ගැනිම සදහා විශේෂ පරික්ෂණ ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙම ප්‍ර‍දේශයේ රෝගීන් 3,000ක් පමණ සිටින අතර හදුනා නොගත් රෝගින් 6,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින බව දෙහි අත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ ඒකකය භාර වෛද්‍ය නිළධාරින් සිතුමිණි හේරත් වැඩිදුරටත් සදහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *