දේව ප්‍රතිමාවට මල් ඉසින්න ගිය තරුණයා ඇදවැටී කකුල් දෙකටම හානි

යාපනයේ පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරූ උත්සවයේදී දේවතාවියගේ ප්‍රතිමාවට මල් ඉසීමට කෝවිලේ ගණ්ඨාර කුළුණට නැගුණු පුද්ගලයෙකු ඉන් ඇද වැටීම නිසා ඔහුගේ දෙපා වලට 5 දා දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

මුලින්ම ඔහු බිම සිට දේවතාවියගේ ප්‍රතිමාවට මල් ඉසීම කරගෙන ගියත් නිසි ලෙස එම මල් ප්‍රතිමාව මතට පතිත නොවීම නිසා ඔහු ගණ්ඨාර කුලුණට නැග මල් ඉසින්නට පටන් ගෙන ඇති බව වාර්තා වෙනවා.

එවර මල් සියල්ලම දේවතාවියගේ ප්‍රතිමාව මතටම පතිත වීම නිසා ඉන් උද්දාමයට පත් ඔහු කෑගසමින් මල් ඉසිමින් සිටියදී එක්වරම පය ලිස්සා බිම අද වැටී තිබෙනවා.

ගිලන් රථයක් මගින් ඔහුව වහාම යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහුගේ දෙපා වල අස්ථි දැඩි ලෙස බිදී යාම නිසා ඔහු මේ වන විට එක්තැන් වී ප්‍රතීකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තිදරු පියෙකු වන මෙම බැතිමතා බැලීමට විශාල පිරිසක් යාපනය රෝහලට ගොස් ඇති අතර ඔහුට හා ඔහුගේ පවුලට උදව් උපකාර කිරීමට මේ වන විට යාපනයේ හා විදේශීය රටවල සංවිධාන කීපයක්ම ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *