දේශපාලකයන් රට හැර යයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව (21) දින සවස 02.25 ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.

එමෙන්ම (21) දින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .

එසේම ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) දින අලුයම 12.50 ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

එමෙන්ම ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ හෙට දිනයේ ප්‍රංශය බලා පිටත්වයාමට නියමිතව ඇතැයි පැවසේ.

What's your reaction?

Related Posts

1 of 197

Leave A Reply

Your email address will not be published. Required fields are marked *