“දේශපාලනික වශයෙන් පසුබැමකට ලක්වුවත් රටට මුල්තැන දිය යුතුයි”

දේශපාලනික වශයෙන් පසුබැමකට ලක්වුවත් රටට මුල්තැන දියයුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (05) හෝමාගම පැවැති සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සමග පැවැති හමුවකදීය.

එහිදී ඔහු කියා සිටියේ මෙරට ලක්ෂ 220 ක ජනතාව ශක්තිමත් කළ යුතු බවත් රටට ඉටුවිය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කිරීම සමගි ජන බලවේගයේ දර්ශනය බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ගමන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආශිර්වාදය මත බවත් එය රට දිනවන්න බවත් මේ දේශපාලනය හරහා රට දිනවන ශක්තිමත් කරන වැඩපිළිවෙළකට මුල පුරා ලක්ෂ 220 ජනතාව ආරක්ෂා කර රැක ගෙන සියලු පුරවැසියන් රැකගෙන ආරක්ෂා කර ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කරන බව ඔහු කියා සිටියා.

තවද අප අදටත් බංකොලොත් බවත් ණය ගෙවාගත නොහැකි රටක් බවත් 2028 වන විට නැවත ණය ගෙවිය යුතු බවත් එම නිසා සැම අවස්ථාවකදීම රටේ සංවර්ධන වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම කාර්ය ඉටු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ දර්ශනයේ අරමුණ ලොව පළමු තැනට ලංකාව පත් කිිරීම බවත් ඒ සදහා ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

සෑම ක්ෂේත්‍රයකට දියුණුවක් ප්‍රවර්ධනයක් ලබා ආර්ථිකය දියුණු කළ යුතු බවත් අපට ආසන්න ඉන්දියාවේ සහාය අප ලබා ගත යුතු බවත් දුක්විදින ජනතාව සිටින අප රටේ දුප්පත්කමින් මිදෙන්න පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අපනයන කේන්ද්‍රීය කර්මාන්ත පද්ධතියක් නිර්මාණය විය යුතු බවත් ඒ හරහා තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් ලැබෙන බව ඔහු අනාවරණ කර සිටියා.

දක්ෂයෝ සියල්ල ඉන්නේ තමා සමග බවත් රටට ගොඩනගන්න නම් ආර්ථිකය ශක්තිමත් කරන පැහැදිලි සැලසුමක් තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *