දේශපාලන පක්ෂ 06ක් අක්‍රිය වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 06ක් අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එම පක්ෂවල ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර, එම පක්ෂ හයට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ පක්ෂවල නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා නිරාකරණය කිරීමට එම
පක්ෂ අපොහොසත් වීම හේතුවෙන් අදාළ පක්ෂ 6 අක්‍රිය කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව,

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
එක්සත් ලංකා පොදුජන පක්ෂය
එක්සත් ලංකා මහා සභා පක්ෂය
ලංකා ජනතා පක්ෂය
 ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ

මෙම පක්ෂවලට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමිනොවන බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *