“දේශපාලන වේදිකාවල බොරු කියන අය ජනතාව ප්‍රතික්ෂේප කරන බව ඔප්පු වී අවසන්”

තවදුරටත් දේශපාලන වේදිකාවල බොරු කියන අය ජනතාව ප්‍රතික්ෂේප කරන බව ඔප්පු වෙලා අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ ගම්පොළ පැවැති ජන හමුවකට එක්වෙමින්.

ඇය මෙහිදී කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජය ගැනීමේදී මෙරට බලපෙරළියක් සිදු වු බවයි.

එමෙන්ම ජනතාවට කිට්ටු, ජනතාව වෙනුවෙන් සිටින බලපෙරළියක් තමයි අපි සිද්ධ කර සිටියේ බව ඇය කියා සිටියා.

තවදුරටත් ජාතිවාදය, ආගම්වාදය හරහා මැතිවරණය විකෘති කිරීමට අවස්ථාවක් නොමැති බව ඔප්පු වී හමාර බව ඇය අවධාරණය කර සිටියා.

නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තුව සුද්ධ කරලා පාර්ලිමේන්තුව ජනතාව පැත්තට හරවා ගන්න අවස්ථාවක් ලැබෙනවා අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.

ඒ අනුව වැඩ කරන ජනාධිපති කෙනෙක් වගේම ජනතාවට අවශ්‍ය විදිහට නීති හැදෙන, මුදල් අනුමත වෙන තැනක් බවට පාර්ලිමෙන්තුව පත් කිරීමට ජනතාව වෙනුවෙන් සිටිය යුත්තේ මොනවාගේ අයද කියා තෝරා එවන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *