දේශීය බිත්තර මිල ඉහළට.

දේශීය බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පාරිභෝගිකයින් පවසන්නේ ආනයනික ඉන්දියන් බිත්තර මිල අඩු කරන විටත් දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි.

උදා වූ උත්සව සමයේ ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස විසින් බිත්තරයක මිල රුපියල් 42 සිට රුපියල් 36 දක්වා අඩු කිරීමට පියවර ගනු ලැබුවා.

නමුත් පසුගිය දිනවල රුපියල් 40, 45 දක්වා මිල අඩු වී තිබුණු දේශීය බිත්තරයක මිල අවුරුදු සමයේදි රුපියල් 50ත් 60ත් දක්වා වැඩිකර ඇති බවයි ව්‍යාපාරිකයින් වැඩිදුරටත් පවසා සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *