ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මුම්බායි හි ගුවන් ගමන්වලට බාධා, නගරයේ සමහර කොටස් ජලයෙන් යටවී ඇත.

මුම්බායි නුවරට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී, අවලංගු කර ඇත. ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර නගරයට ජලය සපයන ජලාශ හතෙන් දෙකක් මේ වන වාන් දමා ඇත. Sion, Chembur සහ Andheri වැනි ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඇතැම් ස්ථානවලට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන කාලගුණ දෙපාර්තමේන්තුව හෙට පෙරවරු 8.30 දක්වා මුම්බායි වෙත රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

IndiGo ගුවන් සමාගම පවසා ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් “ගුවන් ගමන් කාලසටහන් වල වරින් වර ප්‍රමාදයන් ඇති වන” බවත් ගුවන් තොටුපළට පිටත් වීමට පෙර ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කරන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් ය. එයාර් ඉන්දියා ප්‍රකාශ කළේ වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් ගුවන් ගමන් අවලංගු කිරීමට සහ වෙනත් මගකට යොමු කිරීමට සිදුවන බවයි. දින වෙන්කරවා ගැනීම් සඳහා ගුවන් සමාගම සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් හෝ එක් වරක් නොමිලේ නැවත කාලසටහන් ලබා දී ඇති බවටයි සදහන් වන්නේ.

SpiceJet ගුවන් සමාගමේ ද ගුවන් ගමන් පිටත්වීම් සහ පැමිණීම්වලට බලපෑම් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ඔවුන්ගේ ගුවන් ගමන් තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මගීන්ට උපදෙස් දී ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *