ධීවර යාත්‍රාවක් ගිලීමෙන් 90කට වැඩි පිරිසක් මරුට

මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යාත්‍රාවේ සිටි බවට විශ්වාස කෙරෙන 130 දෙනෙකුගෙන් පස් දෙනෙකු පමණ මේ වනවිට බේරාගෙන ඇති බව නාම්පුලා පළාතේ නිලධාරීන් පවසනවා.

මියගිය අය අතර කුඩා දරුවන් රැසක් ද සිටින බව නාම්පුලා රාජ්‍ය ලේකම් Jaime Neto මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ යාත්‍රාවේ සිටි අධික පිරිස සහ තදබදය හේතුවෙන් මෙන්ම මගීන් රැගෙන යාමට නුසුදුසු තත්ත්වයේ නිසා එම යාත්‍රාව මෙලෙස දියේ ගිලී ඇති බවයි.

මෙම යාත්‍රාව නාම්පුලා වෙරළට ඔබ්බෙන් වූ ලුංගා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කරමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *