ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකියි.

ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *