පොල්ගහවෙල, අලව්ව මාර්ගයේ ඊයේ (24) රාත්‍රීයේ මාර්ගයේ නවතා තිබු කන්ටේනර් රථයක යතුරු පැදියක් ගැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම අනතුරට පත් යතුරු පැදිය අලව්ව දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇති බව පොලිසිය කියා සිටියා.
මිය ගිය පුද්ගලයින් පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 සහ 48 වයස්වල පසුවන අය බව පොලිසිය සඳහන් කරයි.
අනතුරට අදාළ කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.