නවදිල්ලියේ බෝම්බ බියක්

බෝම්බ තර්ජනයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් සියයක සිසුන් එම පරිශ්‍රවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ බෝම්බ තර්ජනයක් පවතින බවට පණිවුඩ ලැබී තිබූ අතර ඒ අනුව පාසල් සිසුන් පිටත් කර යැවීමටයි බලධාරීන් පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් එම ස්ථානවල දැඩි සෝදිසි මෙහෙයුම් සිදු කළද මේ දක්වා සැකකටයුතු කිසිවක් හමුවී නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *