නවසීලන්ත – බටහිර ඉන්දීය කොදෙව් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැත්වෙන 26 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

එම තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට තරගය ආරම්භ වන අතර, Brian Lara Stadium, Tarouba, Trinidad හිදී එම තරගය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම T20 ලෝක කුසලානයේ 27 වැනි තරගය ලෙසින් බංග්ලාදේශය සහ නෙදර්ලන්තය සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00 ට Arnos Vale Ground, Kingstown, St Vincent හිදී තරග වැදීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *