නව විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ඇරඹේ පැහැයත් වෙනස් වෙයි.

මාස කිහිපයක් පුරා පැවති විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුව සමතයකට පත් කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ සිට නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුක්තයි.

එමෙන්ම, නව විදෙස් ගමන් බලපත්‍රය පිටු 48 කින් සමන්විත අතර, ඇතුලු පිටු සියල්ලම මෙරට පිහිටි ඓතිහාසික ස්ථාන සනිටුහන් කර තිබීමද විශේෂත්වයක්. මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන බලපත්‍ර 75,000 ක ප්‍රමාණයක් ඉදිරියේදී අවසන් වන බැවින් යළිත් බලපත්‍ර අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති හෙයින් එය යථා තත්ත්වයට පත් කිරීම සදහා ටෙන්ඩර් පටිපාටියකට අනුව තවත් පාස්පෝට් තොගයක් ගෙන්වීමටයි පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වූයේ.

පැවති රජයේ මෙම විෂයභාරව කටයුතු කළ හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මේ වන විට බෙදාහැරීමට කටයුතු කරන විදෙස් ගමන් බලපත්‍ර මෙරටට ලැබී ඇත්තේ පසුගිය රජය විසින් ගනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි.

What's your reaction?

Related Posts

1 of 450

Leave A Reply

Your email address will not be published. Required fields are marked *