නව සොයාගැනීම් 3කින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ තිළිණ

ලොවපුරා සිදුවන නව සොයාගැනීම් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ඉතාමත්ම ඉහළය.

තිළිණ හෙට්ට්ආරච්චි ද එලෙස ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම තැබූ පර්යේෂකයෙකි.

ඒ වසර ගණනාවක් පුරා සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ නව මී මැස්සන් විශේෂ 03ක් සොයාගනිමිනි.

ලොව පුරා මී මැසි විශේෂයන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන අතර ඉන් මී පැණි සාදන්නේ සියයට 10ක් පමණි.

සෙසු මී මැසි වර්ග එකසර පරාග මී මැස්සන් ලෙස හඳුන්වයි.

තිළිණ හෙට්ටිආරච්චි සිය පර්යේෂණ ඔස්සේ හඳුනාගෙන ඇත්තේ, මී පැණි නොසාදන මල් පරාග මත යැපෙන මී මැස්සන් වර්ග තුනකි.

කැනඩාවේ මැනිටොබා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි හදාරන තිළිණ
මෙම සොයාගැනීම් සිදුකර ඇත්තේ, උතුරු අමෙරිකාවේ Lasioglossum (ලැසියෝග්ලොසම්) කුලයේ මී මැසි නිදර්ශක පරීක්ෂාවේදීය.

මේ මී මැසි වර්ගයේ ශරීරයේ ලෝහමය වයනයක් දක්නට ලැබෙන නිසා එය Lasioglossum dilisena (ලැසියෝග්ලොසම් දිලිසෙන) යන නම තිළිණ විසින් යෝජනා කර තිබේ.

ඊට තිළිණගේ මහාචාර්යවරයා වන ජේසන් ගිබ්ස් ද කැමැත්ත පළ කර ඇත්තේ ‘‘දිලිසෙන‘‘ යන නම උච්චාරණයට ඇති පහසුව හේතුවෙනි.

මැනිබොටා විශ්වවිද්‍යාලයේ තිළිණගේ මේ පර්යේෂණය අධීක්ෂණය කරනු ලබන මහාචාර්ය ජේසන් ගිබ්ස් පවසන්නේ, මේ මී මැස්සන් වෙනත් භාෂාවකින් නාමකරණය කිරීම ද සිත්ගන්නා සුළු බවය.

එමෙන්ම තමා සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ තම මවට උපහාර පිදීමට ද තිළිණ අමතක කර නැත.

ඒ, තමා විසින් සොයාගන්නා ලද මී මැසි උප ගණයක් සිය මව වන පද්මිණි පතිරණ මහත්මියගේ නමින් නම් කරමිනි.

What's your reaction?

Related Posts

1 of 296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *