නායයාම් රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කළ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවා. මෙම රතු නිවේදනය දිස්ත්‍රික්ක 4 ක් සඳහා ක්‍රියාත්මක බව ඒ මහතා පැවසුවා. වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණත් පොළොව ජලයෙන් සන්තෘප්ත වීම නිසා අවධානයෙන් පසුවන ලෙසත් කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව නාය යෑම් පිළිබඳව සලකුණු මතු වුවහොත් වහාම ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙසත් ඉල්ලා සිටියා. පරිසරයේ පවතින වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කඳු ආශ්‍රිතව මහා මාර්ගවල ගමන් ගන්නා රථවාහන රියදුරන් අවධානයෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටියා.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *