නාවලපිටියේදී බිහිසුණු අනතුරක්

ජිප් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද (28) පස්වරුවේ සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

නාවලපිටිය සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් සහ ගිනිගත්හේන සිට නාවලපිටිය දෙසට ධාවනය වු ජිප් රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ජිප් රථය ප්‍රතිවිරුද්ධ මංතිරුවෙන් අපරික්ෂාකාරි ලෙස ධාවනය කිරිම නිසා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති අතර ජිප් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදු වන ආකාරය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි ගරාජයක ආරක්ෂිත කැමරාවක සටහන් වි තිබෙන අතර අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ ජිප් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *