නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

සිය වයෝවෘද්ධ නැන්දනියට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ ලේලියක් තම බාල වයස්කාර දරු දෙදෙනො ප්‍රාණ ඇපයට ගෙන සිටියදී ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමාරක පමණ උපක්‍රමශීලී මෙහෙයුමකින් බේරාගෙන තිබෙනවා.

ගම්පොළ උලපනේ ,උලපනේ වත්ත පදිංචි 78 හැවිරිදි පස් දරු මවක මෙසේ සිය ලේලිය අතින් ඝාතනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වු කාන්තාවට හිමි නිවසේ තිස්දෙහැවිරිදි මෙම ලේලිය හා ඇගේ අවුරුදු 7 හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දොළහට පමණ මෙම ඝාතනය සිදුව තිබෙනවා.

යාපනයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය විවාහයෙන් පසු උලපනේ වත්තට පදිංචියට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය වූ මව මාසයක පමණ කාලයක් අසනීපව එක්තැන්ව සිට තිබෙනවා.

උලපනේ වත්ත කන්දක් උඩ පිහිටි මෙම නිවසට පොලිසිය අලුයම එකට පමණ ළඟා වී ඇති අතර ඒ වන විට මෙම සැකකාර කාන්තාව දොර ජනෙල් වසා නැන්දැනිය කැපු කැත්ත දරු දෙදෙනාට එල්ල කොට කිසිවකුත් ලඟට නොඑන ලෙස තර්ජනය කරමින් සිට තිබෙනවා.

දරුදෙදෙනාද කපා කොටා ඝාතනය කරන බව ඇය පැවසීම නිසා පොලිසිය යාපනයේ සිටින ඇගේ සැමියාට දුරකථන ඇමතුමක් දී සිදුවීම විස්තර කර බිරිඳට කතා කොට ඇය සංසුන් කරන ලෙස පවසා තිබුණා.

මේ ආකාරයට පැය දෙක හමාරක් පමණ දැඩි උත්සාහයක් ගෙන ඇය මෙල්ල කර ඇගෙන් දරු දෙදෙනා බේරාගෙන ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *