නැවතත් අවස්තාව හිමිවෙන High Capacity

එන්ජින් ධාරිතාව 450 කට වැඩි අධි ධාරිතාවකින් යුත් යතුරු පැදි දස දහසක් ලියාපදිංචි කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සකස්කර ඇති අතර, එය ඉදිරි සති කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තීරු බදු නොගෙවා මෙරටට ගෙන එන ලද මෙතෙක් ලියාපදිංචි කර නොමැති යතුරු පැදි දස දහසකට වැඩි සංඛ්‍යාවක් ඇති බවට අනාවරණය වී තිබුණි.

පොලිසියට ලබාදී ඇති එන්ජින් ධාරිතාව 650 ක් වන යතුරු පැදිවලට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීමට පොලිසිය මුල් අවස්ථාවේ අකමැති වූයේ අපරාධ සිදුකර පලා යන යතුරුපැදි පසුපස හඹා යාමට තම එන්ජින් ධාරිතාව ප්‍රමාණවත් නැති බව කියමිනි.

කෙසේ නමුත් ප්‍රවාහන අමාත්‍යාංශයත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් මෙම යතුරුපැදි සමබන්ධයෙන් කරන ලද සාකච්ඡාවක් අතරතුර ගත් එකඟතාවන්ට අනුව එන්ජින් ධාරිතාව 450 ට වැඩි අධිධාරිතාවෙන් යුත් යතුරුපැදියක් ලියාපදිංචියේදී අධිභාර ගාස්තුවකට යටත්ව ලියාපදිංචි කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ‘‘1000 ක එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් අය කෙරේ. මෙලෙස ලියාපදිංචි කරන යතුරු පැදි මෝටර් ක්‍රොස් තරගවලට අමතරව මහමග ධාවනය කිරීමට හැකිය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *