නිදහස් පක්ශ මැයි රැලිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

“රට රකින ජන පවුර“ තේමාව කරගනිමින් පැවැත්වෙන මැයි දින සැමරුම් රැළිය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රෝයි ද මෙල් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ලබන 01 වැනිදා පස්වරු 02.00 ට ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මැයි දිනයේදී කම්කරු අයිතීන් වෙනුවෙන් වෘත්තීය සමිති නායකයින් අනුමත කළ විශේෂ මැයි දින යෝජනාවක් සම්මත කර ගැනීමටද නියමිත අතර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙලද ජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර ශ්‍රීලනිප මැයි දින රැලිය සංවිධානය කරන්නේ නිදහස් සේවක සංගමය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු පක්ෂයේ වෘත්තීය සමිති විසිනි.

ශ්‍රීලනිප මැයි දින රැළියට පක්ෂයේ වෘත්තීය සමිති, කාන්තා, තරුණ, වෘත්තීයවේදී ඇතුළු පක්ෂයේ අනුබද්ධ සංවිධාන, සියලු ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු ශ්‍රීලනිපය සමඟ කටයුතු කරන පක්ෂ රැසක නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *