නිල්වලා ලවණ බාධකයේ ගැටලුවට ස්ථිර විසඳුමක්

මාතර නගරයත් ගංවතුරින් යට කරන නිල්වලා ලවණ බාධකයේ ගැටලුවට සිය ආණ්ඩුවක් යටතේ ස්ථිර විසඳුමක් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අකුරැස්ස නගරයේ අද (17) පැවැති සමගි ජන සන්ධානයේ ජනපතිවරණ ප්‍රචාරක ජනරැළිය අමතමින්.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන විජයග්‍රාහී ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අද පස්වරුවේ අකුරැස්ස නගරයේදී පැවැත්වුණා.

රැළියට එක්වූ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ජනතාවගෙන්හි මිවුණේ උණුසුම් පිළිගැනීමක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී දෙවැනියට වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මෙහිදී සමගි ජන බලවේගයට හා එක්වුණා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කළ තවත් ජන රැළියක් අද පෙරවරුවේ බණ්ඩාරගම නගරයේදී පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ වත්මන් රජය අනීතිකව ලබාදුන් සියලු බලපත්‍ර ලබන 21වැනිදායින් පසුව අහෝසි කරන බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *