නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ.

එමෙන්ම මෙවර ජනපතිවරණයේ තැපැල් ඡන්ද භාවිතය 98%ක් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.  

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *