‘නිල සංචාරයකට එන්නද?’ මාලදිවයිනේ ජනාධිපති ඉන්දියාවෙන් අහයි

මාලදිවයිනේ ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව වාර්තා වෙනවා.

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයිනේ ජනාධිපතිවරයා, පසුගිය කාලය තුළ ඉන්දියාව සහ මාලදිවයින අතර, පැවති විරසකය සාකච්ඡා කර විසඳා ගැනීමේ බලාපොරොත්තුවකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිල සංචාරයක් සදහා තමන් ඉන්දියාවට එන්නදැයි ජනාධිපතිවරයා ඉන්දීය රජයෙන් විමසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර් නවදිල්ලියේ සංචාරයක නිරත වෙනවා.

තමන් ඉන්දිය සංචාරයකට කැමැති බව මාලදිවයින ජනාධිපති ඉන්දීය රජයට දැනුම් දී ඇත්තේ විදේශ අමාත්‍ය මූසා සමීර් හරහා වන අතර, ඉන්දීය රජය තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *