නිවසින් මතුවූ සල්ලි තොගය

සීඅයිඩී නිලධාරීන් ලෙස සඳහන් කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂාකර රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් හා ඩොලර් තුන්දහස් පන්සියයක මුදලක් ලබාගත් සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම නිවසේ සේවය කරන ඉන්දියන් ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රයද රැගෙන ගොස් පසුව පැමිණිලිකරුගේ දුරකථනයට ඇමතුමක් ලබා දී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ විදේශ ගමන් බලපත්‍රය ලබා දීමට කෝටි 04ක් අල්ලස් වශයෙන් ඉල්ලා අදාළ මුදල කෝටි තුන හමාරක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක් වශයෙන් අල්ලස් ලබා ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් ඊයේ (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිස අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *