”නිවැරදි අධ්‍යාපනයකින් ලැබෙන දැනුම කාටවත් සොරා ගන්න බැහැ”

නිවැරදි අධ්‍යාපනයකින් දුප්පත්කම තුරන් කරන්න, දියුණු වෙන්න, මනා අවබෝධයකින් කටයුතු කරන්න හැකියාවක් ලැබෙන අතර එයින් කිසිදු අයකුට උදුරා ගත නොහැකි නිපුණතාවක්, කුසලතාවක් ලබා ගත හැකි බවත් එය මහා මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා පවන්නේ එම නිසා අධ්‍යාපනයට මුල්තැන ලබා දිය යුතු බවයි.

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලැබීමට කටයුතු කළ යුතු බවත් ලබන හොඳ අධ්‍යාපනය කිසිවකුටත් සොරා ගත නොහැකි බවත් ඔහු පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (03) මඩකලපුව මන්මුනායි උතුරු අමිර්තකලී ශ්‍රී සිති විනායගර් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 282 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුවත් උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතවල දියුණුවක් සිදුව නොමැති අතර සමස්තයක් ලෙස මඩකලපු දිස්ත්‍රික්කයේ ජනතාව අන්ත අසරණභාවයට පත්ව ඇති බවත් එම නිසා මෙම ජනතාව කේන්ද්‍ර කර ගෙන කර්මාන්ත පුර, තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තනතුරු බලයක් නොමැතිව පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක බවත් මේ යටතේ රටේ පාසල් 10096 සුහුරු පන්ති කාමර වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *